Bad Boys for life(2020)
Bad Boys for Life(2020)
පරණ චිත්‍රපට රසිකයෙක් නම් කලින් bad boys චිත්‍රපට ද්විත්වය බලලා ඇති..දෙවන චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 17 කට පස්සෙ තමා තෙවන චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ..
ඊට හේතුව වන්නේ මෙහි ප්‍රධාන නලුවො දෙන්නගේ( will smith, martin lawrance) ජනප්‍රියත්වය හා මේ කතා තේමාවට ප්‍රේක්ෂකයන්ගේ ඇති කැමත්තයි..
ඊට හේතුව වන්නේ මෙහි ප්‍රධාන නලුවො දෙන්නගේ( will smith, martin lawrance) ජනප්‍රියත්වය හා මේ කතා තේමාවට ප්‍රේක්ෂකයන්ගේ ඇති කැමත්තයි..
දෙවන චිත්‍රපටයේ අවසන මත්ද්‍රව්‍ය ජාවාරමක් අහවර කිරිමෙන් පසුව තෙවන චිත්‍රපටයකට ඉගියක් පලවුනේ නැතත් 2008න් පස්සෙ will smith පවසා තිබුනේ තෙවන කොටසක් කිරිමට උවමනාවක් තිබෙන බව..නමුත් ඔහුට එකල තිබු දැඩි ඉල්ලිම මත ඔහුගේ ගනන් හිලව් ඉතා ඉහල අගයක පැවති නිසා එයට ටික කාලයක් ගත විය..
ඒ වගේම ගැලපෙන පිටපතක් නොමැති වීම නිසාත් මෙය කල් ගියා...කොහොම හරි කාලයට් තාලයට ගැලපෙන පිටපතක් නිර්මාණය කර ගැනිමට නිශ්පාදාකවරුන්ට හැකියාව ලැබෙනවා..
චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ ජනවාරි 17, ඒ කියන්නේ dr.dolittle චිත්‍රපටයත් සමගයි.. කට්ටිය හිතන් හිටියේ මේ දෙකෙන් dolittle හොද අදායමක් ලබයි කියලායි..කොහොම උනත් හිතුවේ වත් නැති විදියට bad boys හොද තැනකට එන්නෙ dolittle අසාර්ථක වෙනකොටයි...
ඉතින් පුරුදු පරිදි bad boys රසිකයන්ට සුපිරිම සුපිරි කොමඩි, ඇක්ශන් චිත්‍රපටයක් බලාගන්න අවස්ථාව ලැබෙනවා..
චිත්‍රපටය ආරම්භයේ පටන්ම මාර්ක්ස්ගේ විහිලු වලින් නම් ඉවරයක් නෑ..මිනිහගේ කථා විලාශය හැසිරීම පවා සිනා දනවනවා...
මියාමි නගරයේ පොලිස් කාරයෝ දෙන්නෙක් ලෙස මෙයාලට සිදුවන කරදර වලින් නම් අඩුවක් නෑ..
මිලියන 90 ක වියදම් දරපු මෙය මිලියන 400 කට වඩා වැඩි අදායමක් ලබලා තියනවා..colombia pictures මගින් නිකුත් කරපු වාර්ථාවට අනුව පසු ගිය ජනවාරි මාසයේ වැඩිම අදායමක් ලබපු චිත්‍රපටය විදියට bad boys බවට පත් වෙනවා..ඒ වගේම චිත්‍රපටයට හොද රේට් අගයනුත් ලැබිලා තියනවා...
චිත්‍රපටය ගැන මම වැඩිය කියන්න යන්නෙ නෑ. .
කොහොම වෙතත් මෙවර හම්බවෙලා තියන දුශ්ඨයා එසේ මේසේ පහසු කෙනෙක් නොවේ..ඔහු හසුරවන්න අපහසු වගේම ඔහු මිනීමරණ යන්ත්‍රයක් වගේ ක්‍රීයාත්මක වන පුද්ගලයෙක් ..
ඇග කිලිපොළා යන දර්ශන මෙන්ම ඉවරයක් නැති වෙඩි වරුෂා මැදින් මේ චිත්‍රපටය ගලාගෙන යනවා...මුලු චිත්‍රපටයම කිව්වොත් එහි ආශ්වාදය ඔයාලට නැතිවෙනවා..ඒ නිසා ඔයාලා චිත්‍රපටය බාගෙනම බලන්නකෝ...
අවසානෙට මේකත් කියන්නම ඕන..මේක අවසානයේ සිව්වැනි කොටසක් දක්වා දීර්ඝ කර ඇති බව පෙනෙන්න තියනවා...
අවසානෙට මේකත් කියන්නම ඕන..මේක අවසානයේ සිව්වැනි කොටසක් දක්වා දීර්ඝ කර ඇති බව පෙනෙන්න තියනවා...
HDRIP | ×264 | 720P
HDRIP | ×265 | 1080P
ෆිලුමේ සිංහල උපසිරැසි මෙතනින් බාගන්න...👇
ඕන් එහෙනම් මන් ගියා..ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ
loading...
loading...








Comments
Post a Comment