Bad Boys for life(2020)
Bad Boys for Life(2020) පරණ චිත්‍රපට රසිකයෙක් නම් කලින් bad boys චිත්‍රපට ද්විත්වය බලලා ඇති..දෙවන චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 17 කට පස්සෙ තමා තෙවන චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ.. ඊට හේතුව වන්නේ මෙහි ප්‍රධාන නලුවො දෙන්නගේ( will smith, martin lawrance ) ජනප්‍රියත්වය හා මේ කතා තේමාවට ප්‍රේක්ෂකයන්ගේ ඇති කැමත්තයි.. දෙවන චිත්‍රපටයේ අවසන මත්ද්‍රව්‍ය ජාවාරමක් අහවර කිරිමෙන් පසුව තෙවන චිත්‍රපටයකට ඉගියක් පලවුනේ නැතත් 2008න් පස්සෙ will smith පවසා තිබුනේ තෙවන කොටසක් කිරිමට උවමනාවක් තිබෙන බව..නමුත් ඔහුට එකල තිබු දැඩි ඉල්ලිම මත ඔහුගේ ගනන් හිලව් ඉතා ඉහල අගයක පැවති නිසා එයට ටික කාලයක් ගත විය.. ඒ වගේම ගැලපෙන පිටපතක් නොමැති වීම නිසාත් මෙය කල් ගියා...කොහොම හරි කාලයට් තාලයට ගැලපෙන පිටපතක් නිර්මාණය කර ගැනිමට නිශ්පාදාකවරුන්ට හැකියාව ලැබෙනවා.. චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ ජනවාරි 17 , ඒ කියන්නේ dr.dolittle චිත්‍රපටයත් සමගයි.. කට්ටිය හිතන් හිටියේ මේ දෙකෙන් dolittle හොද අදායමක් ලබයි කියලායි..කොහොම උනත් හිතුවේ වත් නැති විදියට bad boys හොද තැනකට එන්නෙ dolittle අසාර්ථක වෙනක...