Posts

Bad Boys for life(2020)

Image
Bad Boys for Life(2020) පරණ චිත්‍රපට රසිකයෙක් නම් කලින් bad boys චිත්‍රපට ද්විත්වය බලලා ඇති..දෙවන චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු 17 කට පස්සෙ තමා තෙවන චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ.. ඊට හේතුව වන්නේ මෙහි ප්‍රධාන නලුවො දෙන්නගේ( will smith, martin lawrance )  ජනප්‍රියත්වය හා මේ කතා තේමාවට  ප්‍රේක්ෂකයන්ගේ ඇති කැමත්තයි.. දෙවන චිත්‍රපටයේ අවසන මත්ද්‍රව්‍ය ජාවාරමක් අහවර කිරිමෙන් පසුව තෙවන චිත්‍රපටයකට ඉගියක් පලවුනේ නැතත් 2008න් පස්සෙ will smith පවසා තිබුනේ තෙවන කොටසක් කිරිමට උවමනාවක් තිබෙන බව..නමුත් ඔහුට එකල තිබු දැඩි ඉල්ලිම මත ඔහුගේ ගනන් හිලව් ඉතා ඉහල අගයක පැවති නිසා එයට ටික කාලයක් ගත විය.. ඒ වගේම ගැලපෙන පිටපතක් නොමැති වීම නිසාත් මෙය කල් ගියා...කොහොම හරි කාලයට් තාලයට ගැලපෙන පිටපතක් නිර්මාණය කර ගැනිමට නිශ්පාදාකවරුන්ට හැකියාව ලැබෙනවා.. චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙන්නේ ජනවාරි 17 , ඒ කියන්නේ dr.dolittle චිත්‍රපටයත් සමගයි.. කට්ටිය හිතන් හිටියේ මේ දෙකෙන් dolittle හොද අදායමක් ලබයි කියලායි..කොහොම උනත් හිතුවේ වත් නැති විදියට bad boys හොද තැනකට එන්නෙ dolittle අසාර්ථක වෙනක...

Ala Vaikunthapuraamloo movie (allu arjun)

Image
loading... Ala Vaikunthapuraamloo   මෙන්න ඔයාලා එනකන් නොඉවසිල්ලෙන් හිටපු අල්ලුගේ අලුත්ම තෙලිඟු ෆිල්ම් එක... 2020 ජනවාරි 10 වෙනිදා තමා මේක සිනමාහල් වල තිරගත වීම ආරම්භ වෙන්නේ..ඒ කියන්නේ මහේශ් බාබුගේ sarileru neekevvaru චිත්‍රපටය තිරගත වෙන්න කලින් දවසේ... පිරිවැය ඉන්දියානු රුපියල් බිලියනයක් කියලා තමා සදහන් වෙන්නෙ...කොහොම හරි තිරගත වෙලා වැඩි දවසක් යන්න කලින්ම අදායම ඉන්දියානු රුපියල් කෝටි 200 ඉක්මවලා තියනවා... කොයි කොහොම වෙතත් මහේශ් බාබුගේ ෆිල්ම් එකත් එක්ක කරට කර ඇදුනු අල්ලුගෙ ෆිල්ම් එක කොහොම හරි ෆිල්ම් දෙකෙන් ප්‍රථම තැන දිනා ගන්නවා... ඒ කියලා මහේශ් බාබුගේ ෆිල්ම් එක හොද නෑ කියලා නෙමේ මම කිව්වෙ...තරගෙකින් කවුරු හරි කෙනෙක් දිනන්න ඕනනේ...එකයි.. Allu arjun, navdeep, susanth, puja hedge, nivetha pethuraj, tabu, jayaram වගේ නලු නිලියෝ රැසක් මේකට රංගන දායකත්වය ලබා දීලා තියනවා.. අධ්‍යක්ෂනය   Trivikram srinivas සංගීතය   S Thaman නිශ්පාදනය geetha arts හා haarika & hassine creation කතාව පටන් ගන්න විදිය ටිකක් කිව්වොත්  බන්ටු(අල්ලු) හා රාජ්(සුසන්ත්) ද...